Spread the love

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ , සිය නිලධාරින්ට එල්ල වූ ප්‍රහාරයකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

නිලධාරින් පිරිසකට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් තිදෙනෙකු අනිද්දා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පලකළ සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා කියා සිටියේ තම නිලධාරීන්ට එල්ල වූ පහර දීම තමන් තරයේ හෙළා දකින බවයි

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරනු ඇතැයි තම සංගමය අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.