Spread the love


නිමල් රාජපක්ෂ-

කරළියට ආ නවතම මත් ද්‍රව්‍යයක් කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදි ඊයේ(14) කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය” තූල්” නමින් හදුන්වයි . අදාල ස්ථානය වටලා රුපියල් ලක්ෂ දහයක් වටිනා තූල් නැමැති තොගයක් සමගින් සැකකරුව හා උපකරණ අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.

සැකකරුව න් පාසල් දරුවන් උපයෝගි කරගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙග ගොස් තිබේ. වසර දෙකහමාරක් තිස්සේ තූල් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා රහසිගතව සිදුකරගෙන ගොස් ඇති අතර ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ නිවසේ තිබී තූල් මත්ද්‍රව්‍ය කිලෝ විසිපහක් සොයා ගැනීමට සුරාබදු නිලධාරිින් සමත් වී ඇත‍.

සැකකරුවන් රුපියල් 50/ ක් වැනි මිලකට අලෙවි කරන අතර අදාල මත්ද්‍රව්‍ය දිවයට තබා ගැනීමේන් ඉතා ඉ ක්මනින් මත්වන බවද ප්‍රශ්න කිරීමේදි හෙලිවි තිබේ.
පාසල් දරුවන් අතර ඉතා රහසි ගතව තූල් අලෙවිකරන බවත් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමගින් සැකකරු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට දැඩි දඩුවම් පැමිණ වීමට නියමිතය.
මෙම ජවාවාරමට සම්බන්ධ සැකකරුවන් පිළිබද වැඩි දුර විමර්ශන පවත්වන බවද නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.

කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී සුනිල් පී ආරච්චි මහතාගේ උපදෙස් මත, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා ගේ අධීක්ෂණය යටතේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න