විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා ඉල්ලා සිටියි.
ඔහු පැවසුවේ නව පාස්පෝට් තවත් ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු පසු එම ගැටලුව විසඳෙන බවත්ය.
පසුගිය දින වල බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලට පාස්පෝට් ලබාගැනීම සඳහා විශාල වශයෙන් පිරිස් පැමිණීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.“
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් අදත් (29) බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට විශාල ජනතාවක් පැමිණ අදත් පැමිණ සිටිී.
ඒ අසල මාර්ගයේ පෝළිම්වල රැඳී සිටින තමන්ට අවශ්‍ය අවම සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැතිවීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට ජනතාව මැසිවිලි නගති්.
පසුගිය ආණ්ඩුව සමයේ ඇති වූ මෙම අර්බුදයට පිළියම් ලෙස එවක රජය ඇණවුම් කර තිබූ නව විදෙස් ගමන් බලපත්‍ර 750,000 කඩිනමින් ගෙන්වා බෙදාහැරීමට වත්මන් ආණ්ඩුව පසුගිය 23 සිට පියවර ගත්තේය.
