තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (18) සිට රුපියල් 10කින් අඩු කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව බේකරි හිමියෝ පවසති.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පසුගියදා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ බැවින් නැවත මිල සංශෝධනයක් කළ නොහැකි බවය.
එමෙන්ම තිරිඟු පිටි සමාගම් 10 අතරින් සමාගම් 2ක් පමණක් මෙලෙස තිරිඟු පිටි මිල අඩු කර ඇති අතර එයද අදාළ සමාගම් වට්ටමක් ලෙස ලබා දෙන බවත් එයද අදාළ සමාගම් විසින් ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකි බවත් සමස්ත ලංකා බෙකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.
එම නිසා නැවත පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 30කින් හෝ අඩු විය යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.
සෙරන්ඩිබ් සහ ප්රීමා යන සමාගම් දෙක මෙලෙස තිරිඟු පිටි මිල රුපියල් 10කින් ඊයේ දින සිට අඩු කෙරිණි.