ගාල්ල -විජේසිංහ
ඉදුරුව ඇටවලවත්ත SOS සුනාමි ගම්මානයේදී ඊයේ රාත්‍රි පිය පුතු අතර ඇති වූ ගැටුමක් අතරතුර පියා එල්ල කළ පිහි පහරකින් පුතා මියගොස් ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත පදිංචි 21 හැවිරිදි තරුණයකු වන අතර නිවසේදී පියා සහ පුතා අතර ඇතිවූ කතා බහක් දුර දිගයාමෙන් පසු මන්න පිහිය ගෙන පුතාගේ ගෙලට කොටා ඇත.
ගෙලට පිහි පහර වැදී අසාද්‍යව සිටි පුතා බළපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 65 හැවිරිදි සැකකාර පියා අත් අඩංගුවට ගෙන ඇති අතර කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
.