Spread the love

සිය දියණිය ගැබිනියක් කළ පියෙකු අයියන් කුලම් පොලීසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දහනම හැවිරිදි දියණිය බඩේ අමාරුවක් යැයි පවසා කිලිනොච්චි රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී සිදුවූ වෛද්‍ය පරීක්ෂණවලින් ඇය ගැබිනියක් බවට අනාවරණය වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව රෝහල් බලධාරීන් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර තිබෙන අතර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.