නිමල් රාජපක්ෂ-
.
වන් ගෝල්ඩ් ෆේස් හිදි ආපනශාලා සේවකයකුගේ විසින් ඉල්ල කළ පිහි පහරින් තුවාල ලැබු සුරාබදු නිලධාරීන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
වන් ගොල්ඩ් ෆේස් එකේ හයවන මහලේ බිටිස් ෆප් ආපන ශාලාවේ පැවති උපන්දින සාදයක පසුගියදා (5) රාත්‍රී 8 ට පමණ සුරාබදු නිලධාරීන් සහභාගීවි තිබිණ. එදින රාත්‍රී රාත්‍රී 11 පමණ සාදය ඉවර වී එමින් සිටියදී අනාරක්ෂිත ලෙස පැවැති වෙනත් ආපනශාලාවක මේසයක් මත තිබු හෙල්මට්එකක් නිලධාරීන් ඹවුන් සමග පැමිණි අයකුගේ එකක් යැයි පවසමින් අරගෙන තිබේ. පසුව පරික්ෂා කිරීමේදි එය නොවන බැවින් ආපසු මේසය මත තබා වැරදීමක් වුණේ යැයි පවසා තිබේ. එහිදී එම ආපනශාලාවේ සේවකයකු හෙල්මට් සොරකම් කරන්න ආවානේද යැයි පවසමින් පරුෂ වචනයෙන් බැන තිබේ. එම බහින්බස් වීම දුරදිය යාමේදී එන් ගොල්ඩ්ෆේස් හි ආරක්ෂක නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ ඇත. එහිදී අදාල ආපනශාලාවේ සේවකයකු මන්න පිහියක් රැගෙන විත් අදාල නිලධාරීන්ට ඇනතිබේ. නිලධාරින් දෙදෙනකු පිහිපහරින් තුවාල ලැබු අතර සුරාබදු නිලධාරීන් පිහියෙන් අතැති පුද්ගලයා මෙල්ල කොට ඹහු සතුව තිබු පිහිය හෝටලයේ කළමණාකරුවෙත බාරදී මටද සමත්වී ඇත. ඒ මොහොතේ එහි සිටි ආරක්ෂක නිලධාරීන් වහාම පොලිස් හදිසි ඇමතුම් අංශය දැණුවත් කොට තිබිණ.
මේ අවස්ථාවන වනවිටත් තමන් සුරාබදු නිලධාරින් බවට කිසිවකු සිය හැදුනුම්පතවත් අදාල සිද්ධිය වු හෝටල් සේවකයින් හට පෙන්වා නොතිබිණ. සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අටදෙනෙකු උපන්දින සාදයට පැමිණි අතර නිලධාරීන් තිදෙනකු මත්පැන් පානය නොකල බවද පැවසෙයි.
සියළුම නිලධාරීන් සිය් සේවා ස්ථානයෙන් රාජකාරී නිමවි වන් ගොල්ඩ් ෆේස් සාදයට පැමිණි තිබු අතර කිසිදු රාජකාරි නිලවාහනයක් ,රාජකාරී ගිනිඅවියක් ,මාංචු කුට්ටමක් රැගෙනවිත් නොමැති බවත් ,ඹවුන්ගේ පෞද්ගලික වාහන වලින් පැමිණ ඇති බවත් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
සුරාබදු නිලධාරින් දෙදෙනකුට පිහියෙන් ඇත තුවාල ලැබු අවස්ථාවේ පොලිස් හදිසි ඇමතුම් අංකයටදැණුම් දීමත් සමගින් කොටුව පොලීසිය අදාල ස්ථානයට පැමිණි විගස 1990 ‘හරහා ගිලන් රථයක ආධාරයෙන් තුවාල වු නිලධාරීන් දෙදෙනා කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කොට තිබේ. ඉන්අනතුරුව රෝහල් පොලිසියේද අදාල සිද්ධිය පිලිබදව පැමිණිල්ලක් දමා ඇත .මීට අමතරව කොටුව පොලිසියටද පැමිණිකොට තිබේ.
අදාල සිද්ධිය පිළිබදව වහාම අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටුකරනලෙස සුරාබදු ම්ත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටී
