Spread the love

මාතර නෙටොල්පිටිය රන්මාළු ගම ගම්මානයේ අඩක් සාදා අවසන්කල නිවසක සිමෙන්ති කණුවක් ගැලවී වැටීමෙන් වයස අවුරුදු නමයක දැරියක් මියගොස් තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ ඇයගේ පියාද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.

අඩක් සාදා අවසන්කල නිවසේ උඩුමහලේ සිමෙන්ති කණු දෙකක් අතර පියා සහ දියණිය එල්ලෙන ලණු ඇඳක් සකසමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරට හේතුවුන සිමෙන්ති කණුව උඩ තට්ටුවේ කොන්ක්‍රීට් තට්ටුවට නිසි අයුරින් කම්බි නොයෙදා ඇණ හතරකින් පමණක් සවිකර තිබී ඇති අතර මේ නිසා කණුව ගැලවී ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇති බව වාර්තා විය.