Spread the love

එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 2 දා පෙම්වතාගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ල බා වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවූ පෙම්වතිය මියගිය බව නිට්ටඹුව පොලිසිය පවසයි.

මෙසේ මිය ගියේ කෘෂි විද්‍යාව උපාධිධාරිණියක වූ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියකි.

පෙම්වතියට පහරදුන් පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

පහරකෑමට ලක්වූ පෙම්වතිය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි සැකයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

පෙම්වතා සහ පෙම්වතිය එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මෙම ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කර ඇති අතර පෙම් සම්බන්ධතාවයට මේ වන විට වසර හතරක් ඉක්මවා ඇතැයිද ඔවුන්මීට වසර දෙකහමාර කට පමණ ඉහතදී විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් ඇති අතර පෙම්වතිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක (කුකුළු ෆාම් එකක) රැකියාවක යෙදී සිට ඇතැයිිද පොලිසිය කියයි .