Spread the love

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු අද (08) අළුයම සියදිවි හානි කරගැනීමට තැත් කිරීමේදී එම උත්සාහය ව්‍යර්ථ වීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද අළුයම එකට පමණ සේනක බිබිලේ නේවාසිකාගාරයේ දෙවන මහලේ කාමරයකදී සිසුවා සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී බිම ඇදවැටී තුවාල ලබා සිටි එම සිසුවා නේවාසිකාගාරයේ අනෙකුත් සිසුන් විසින් රෝහල් ගත කර ඇති බවයි.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචි මෙම 25 හැවිරිදි සිසුවා ඊයේ රාත්‍රියේ සෙසු සිසුන් සමඟ රාත්‍රී ආහාර ගැනීමට පිටතට ගොස් නැති අතර, සෙසු සිසුන් ඔහුට ආහාර රැගෙන පැමිණ දොරට තට්ටු කරන අවස්ථවේ දී දොර වසා තිබී තිබෙනවා.

එහිදී සැකසිතූ නේවාසිකාගාරයේ සිසුන් අසල ජනේලවලින් මෙම කාමරයට ඇතුළු වී ඇති අතර, මෙම සිසුවා බිම ඇද වැටී සිටින අයුරු දැක ඔහුව වහාම රෝහල් ගත කර තිබෙනවා.