මාස තුනක සේවා දිගුවක් ලබා ඇති පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිල කාලය නැවත වතාවක් දීර්ඝ කෙරෙනු ඇතැයි වාර්තා වේ.
සේවය නැවත වරක් දීර්ඝ කෙරෙනු ඇත්තේ මෙම තනතුර අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගණනාවකට අදාළ නීතිමය ගැටලු කිහිපයක් නිරාකරණය නොවීම හේතුවෙන් බවද වාර්තා වේ.
වත්මන් පොලිස්පතිවරයාට ලබාදී ඇති මාස තුනක සේවා දීර්ඝය හමාර වන්නේ ජූනි මස 26 වැනිදා වන අතර පොලිස්පතිවරයාට ලබන වසර තෙක් සේවා දීර්ඝ කිරීමක් ලැබෙනු ඇති බවද වාර්තා වේ.
