නිමල් රාජපක්ෂ-
පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කරන බව .දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
මෙම දුම්රිය ගමන්වාර සඳහා පෞද්ගලික ආයතනයක් සම්පූර්ණ වියදම් දරා ඇති බැවින් හෙට (09) සිට 12 දින දක්වා මෙම සේවාව ක්‍රියාත්මක කරන බවත් , මෙම සියලු දුම්රිය ගමන්වාර මගීන් සඳහා නොමිලයේ ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවද ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.
අනුරාධපුරය දක්වා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ස්ථාන කිහිපයක නවාතැන් පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයිද එම පහසුකම් දුම්රිය ස්ථානය මගින් ලබා ගැනීමේ හැකියාව ඇතැයිද දුම්රිය ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.