Spread the love


නිමල් රාජපක්ෂ-

..

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයේ සියළුම සුරා සැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කොට තිබියදී සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්පැන් හා විදේශී සිගරැට් ජාවාරමේ නිරත සැකකරුවන් 144 කු මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් බව උතුරු මැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් එස් .කේ . වනිගතුංග මහතා පවසයි.

පොසොන් උත්සවය වෙනුවෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව අරඹයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුම මත්පැන් අලෙවි හල් මැයි මස 31 වැනි දින සිට ජුනි මස 6 වැනි දින දක්වා වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කොට තිබිණ.

ඒ අනුව සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන් ලග තබාගෙන සිටි සැකකරුවන් 110 ක්, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 06 ක් ,රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව අලෙවිකල ස්ථාන 07 ක් ,බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් අලෙවිකළ ස්ථාන 04 ක්,ගෝඩා ළග තබා ගැනීම් ,ගංජා ලගතබා ගත් 09 ක්,හෙරොයින් ජාවාරම් කරුවන් 4 ක් මහ මහරා ජාවාරම් කරුවන් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත .


අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී අනුරාධපුරය ,කැකිරාව හා තඹුත්තේගම යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

උතුරු මැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් එස්. කේ. වනිගතුංග මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරීවරුන් වන ටී. එච්. එම්. එස්. එස්. හේරත් සහ ටී. එස්. එම්. ටී. කේ. බී. ගිණිගත්පිටිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, උතුරු මැද පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ඩී. එච්. කේ. අනුර, අනුරාධපුර සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ඩී. එච්. එස්. පෙරේරා, කැබිතිගොල්ලෑව සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ඒ. ඩී. ඒ. බන්දුල සහ පොලොන්නරුව සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති කේ. ඒ. එච්. එස්. කුමාරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.