Spread the love

නිමල් රාජපක්ෂ-

ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා VAT බදු ඉවත් කිරීමට රජයේ අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

දැනට රට තුළ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති නැති බව ද සදහන් කරයි

වැට් බදු ඉහළයාම නිසා භාණ්ඩ මිල ඉහළ යනු ඇතැයි මේ දිනවල සමාජය තුළ විශාල කතිකාවතක් පවතිනවා. ඇතැම් භාණ්ඩවල මිල ඉහළයාමක් සිදුවිය හැකියි. නමුත් අපි රජයක් වශයෙන් මේ බදු පනවන්නේ සතුටින් නොවෙයි නමුත් මේ රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගන්නවා. දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නැහැ.

කවුරුහරි කූඨ අලෙවිකරුවෝ දෙතුන් දෙනෙක් වැඩි මිල ගණන් යටතේ අලෙවි කළහොත් මම කියන්නේ ඔවුන්ගෙන් බිල්පතක් ලබා ගන්න. ඒක අපිට එවන්න. අපිට පුළුවන් ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්න.කෘමිනාශක හා වල්නාශක මිල ඉහළයාම පාලනයට අපි අපේ රජයට අයත් පොහොර සමාගම් දෙක හරහා අවම මිලක් යටතේ පළිබෝධ නාශක අලෙවි කිරීම ආරම්භ කරනවා. ඒ අනුව ඉදිරියේ දී පළිබෝධ නාශක හිතු හිතු ගණන්වලට අලෙවි කිරීම නැවැත්වීමට අපි පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.