Spread the love

පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95% කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් . යූ. බී. රෝහණ රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව, මේ වනවිට රුපියල් මිලියන 16,369 ක මුදලක් ලබාදී ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් වරයා සදහන් කළේ.

අනුරාධපුරය, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට වැඩිම සහනාධාර මුදල් ලබාදී ඇති බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.