නිමල් රාජපක්ෂ
වසර 130 ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සහ ඊට අදාළව පෞරාණික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
තැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංය යන අමාත්‍යාංශ සහ දෙපාර්තුමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් මෙම විශේෂ සාකච්ජාව සදහා එක්ව සිටියහ.
පසුගිය දිනවල නුවරඑළිය තැපැල් කාර්යාලය පිළිබඳව මහත් ආන්දෝලාත්මක කතිකාවත් සමාජය තුළ ඇතිවිය.
පෞරාණික වටිනාකමකින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාලය පෞද්ගලික සමාගමක් වෙත පැවරීමට පසුගිය රජය අරමුණු කළ අතර, වත්මන් රජය නුවරඑළිය තැපැල් කාර්යාලය ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කිරීමටත් සංචාරක ප්‍රවර්ධන ස්ථානයක් ලෙස පවත්වා ගෙන යාමටත් තීරණය කරන ලදි.
ඒ අනුව දැනට අබලන් තත්ත්වයේ පවතින නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගින්ලේ වහලය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබදව මෙම සාකච්ජාවේදී පුළුල්ව සලකා බලන ලදී. දැනට වැස්සට තෙමෙමින් පැවතීම පිළිබඳවත්, මේ හේතුවෙන් තැපැල් සේවකයන් පාරිභෝගිකයන් මෙන්ම තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අපහසුතාවයට පත්වීම මඟහැරවීම සඳහා ප්‍රථමයෙන් වහළය ප්‍රතිසංස්කරණය කිරීම් තීරණය විය. එමෙන්ම පෞරාණිකත්වය ආරක්ෂාවන පරිදි ඉතා කඩිනම්න් අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක්කෙරුණි.
අදාළ ප්‍රතිසංකරණ කටයුතු ඇරඹීමේ මූලික පියවරක් ලෙස එම කාර්යයට සුදුසුම සැලසුම් ශීල්පීන් තෝරා ගැනීම පිළිබදව මෙහි දී අවධානය යොමුවිය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දෙන ලද්දේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාළ මූලික සැලසුම් සකස් කරමින් ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි.
