කොළඹ වරායේ බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ US International Development Finance Corporation හෙවත් DFC ය ඩොලර් මිලියන 553 ක මුදලක් ලබා දීමට එකඟ වී ඇත.
මෙහිදි කොළඹ වරායේ ගැඹුරු ජල බහාලුම් පර්යන්තයක් වන බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සහ ඉදිකිරීම සඳහා DFC හි මූල්‍යමය දායකත්වය ලබාදෙන බවයි සඳහන් .
එය පුළුල් ඉන්දු පැසිෆික් කලාපයේ නාවික ධාරිතාව පුළුල් කිරීමට, ශ්‍රී ලාංකිකයින්ට රැකියා උත්පාදනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට හේතුවන බවයි X පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.
