නිමල් රාජපක්ෂ-
අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සදහා යුරියා පොහොර TSP (මඬ පොහොර ) සහ MOP (බණ්ඩි පොහොර ) නොමිලයේ ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මීට අමතරව බිම් සැකසීම සඳහා අවශ්‍ය මුලික වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ද අයකර ගැනීමකින් තොරව ලබා දීමටත් තීරණය කරතිබේ.
බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8000ක් බෙදා හැරීම ඊයේ (10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව දී මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
මෙම වැඩ පිළවෙළ සඳහා ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.
අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහ තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ගොවීන් ප්‍රමාණය 23,000කි.
බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩිම අක්කර ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කෙරේ. එම ප්‍රමාණය අක්කර 20,000කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අක්කර ප්‍රමාණය 5000ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
