Spread the love

ආනයනික සහල් සඳහා පනවා ඇති ආනයනික බද්ද ඉවත් කළහොත් රුපියල් 135ට එම සහල් ආනයන කිලෝවක් ආනයනය කළ හැක හැකි බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

නමුත් බද්ද අඩු කලහොත් එය නැවත අර්බුදයක් ඇතිවෙන බවද පැවසූ ඔහු එම බද්ද හරහා කරන්නේ දේශීය ගොවියා සුරක්ෂිත කිරීම් බවද කියා සිටියි.

දැනට වෙළඳපොලේ පවතින්නේ රුපියල් 110-115ට පමණ ගත් මිලට ගත් වී වලින් නිෂ්පාදනය කරන සහල් බවද පැවසූ ඔහු බද්ද අඩු කලහොත් දේශීය සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම නතර වනු ඇති බවද පෙන්වා දෙයි.

එනිසා සහල් සඳහා පනවා ඇති ආනයනික බද්ද අඩු කළහොත් ගොවියාට බරපතළ ප්‍රශ්නයක් ඇතිවන බවද හෙතෙම කියා සිටියි.