මීගලෑව කුඩාකන්තෝරුව ප්‍රදේශයේදී බදින තුවක්කුවක් පත්තු වීමෙන් පුද්ගලයකු තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇතිබව මීගලෑව පොලිසිය පවසයි.
පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.
අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 48ක්වූ මීගලෑව කුඩාකන්තෝරුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
සිය ගව පැටවෙකු ගාලට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට නිවසින් පිටතට ගිය අවස්ථාවේ අනතුර සිදුව ඇතිබව පොලිසිය පවසයි.
තුවක්කුව පොලිස් භාරයට ගෙන තිබේ.
මීගලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
