බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබාගත් පමණින් යමෙකු ස්වයංක්‍රීයව බදු සඳහා වගකිව යුතු නැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව වගකීම පැන නගින්නේ 18 ට වැඩි පුද්ගලයින්ගෙන් ආදායම වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් 1,200,000 ට වැඩි අයට පමණක් බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් ජංගම ගිණුමක් ආරම්භ කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ඉල්ලා සිටින විට, මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී පෙබරවාරි 01 වනදා සිට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය අනිවාර්යය බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.