අධික බීමතින් සිටි මිතුරන් දෙදෙනෙකු මාර්ගයේ සිටි නරියෙකු බල්ලෙකු ලෙස සිතා නිවසට රැගෙන ගිය පුවතක් වාර්තාවෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ පස්සර නගරයෙන්.
මිතුරන් දෙදෙනා මත්පැන් පානය කිරීමෙන් පසුව ත්‍රීරෝද රථයකින් නිවසට එන අතරමගදී බලු පැටවෙකු වැනි සතෙකු දැක ත්‍රිරෝද රථයේම එම සතාව දමාගෙන නිවසට රැගෙන ඇවිත් තිබෙනවා.
පමණ ඉක්මවා වෙරිවී සිටීම නිසා එම සතා නරි පැටවකු බවට හඳුනා ගැනීමට මෙම මිතුරන් දෙදෙනාට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු මෙම සතාව නිවසට රැගෙන ගොස් බැඳ දමා ඇති අතර නුපුරුදු හඬක් ඇසීම නිසා අසල්වාසීන් ඒ ගැන විපරම් කර බලන විට බැඳ දමා සිටි නරි පැටියාව දැක ඇත.
පසුව ඔවුන් එම සතාව කැලයට නිදහස් කර තිබෙනවා.
