Spread the love


නිමල් රාජපක්ෂ-

දකුණු පලාතේ කළ සෝදිසි මෙහෙයුමකදි මුදු මත්පැන් බලපත් ලබාගත් ස්ථාන තුනක් වටලා නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කළ බලපත්‍ර ස්ථානයකට සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ මහතා ඒ මොහොතේම මුද්‍ර තැබීමට නියෝග කොට ඇත.

එයට සමගාවීව .පෝද්දල ,බද්දේගම ,නාගොඩ මාපලගම යන ප්‍රදේශවලද කල සෝදිසි මෙහෙයුමකදී මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂපාදනාගාර දෙකක් මත්පැන් අලෙවි කරන ස්ථාන 12 ක් වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් අත්අඩංගුවට ගත් බව ගාල්ල සුරාබදු අධිකාරී පී.එන් .හේමන්ත මහතා පවසයි.

මෙම සෝදිසි මෙහෙයුමේදී මත්පැන් ජවාරමට සම්බන්ධ පුදගලයින් 14 ක්ද කොටුකර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාල ප්‍රදේශවල අධිකරණ වෙත ඉදියේදි ඉදිරිපත් කිරිමට නියමිතය.

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍ර කුමාර මහතා ගේ උපදෙස් මත , ගාල්ල සුරාබදු අධිකාරී පී.එන් .හේමන්ත මහතාගේ අධීක්ෂණය යටතේ , ගාල්ල සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක එස්.කේ .වෙත්තසිංහ මහතා ගේ මෙහෙයවීමෙන් පරිීක්ෂකවරුන්වන කේ.ටී.බී චමින්ද, පී.ජී.එන්.ටී නන්දසිරි, සැරයන්වරුන්වන හේමපාල, ජයකොඩි, කෝප්‍රල් නුවන්, නියාමකවරුන්වන මධුශාන්, රියදුරු ,ඒකනායක යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.