පළාත් පාලන ආයතන වල බලය ලබා ගන්නා විට ඊට පෙර සිටි දේශපාලකයින්ගේ සහ නිලධාරිගේ දූෂණ වංචා අක්‍රමිකතාවක් ඉතා සම්බන්ධයෙන් දැඩි හඬක් නඟන ලද වර්තමාන ආණ්ඩුවේ බලයට පත්වුන ලද පුංචි ආණ්ඩුවල දේශපාලකයින් මැතිවරණ සමිදී ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ගත වූ මාස හතරක කාල සීමාව තුළ අසමත්ව ඇති බව දෙහිවල ගල්කිස්ස විපක්ෂ කණ්ඩායම් නායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
දෙහිවල ගල්කිස්ස ල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරුන්ගේ පාලන කාලය තුළදී නගර සභාවේ නිල රථ අවභාවිතාවන් සම්බන්ධව අදාළ වාහන අංක හා ඡායාරූප නගර සභා සැසි වාර වලදී තමන් විසින් ඉදිරිපත් කරන ලද නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට වර්තමාන නගර සභා පාලනය අසමත් වීම මත පැරණි දූෂිත දේශපාලකයින් සමග ඔවුන්ගේ ගනුදෙනු පවතින්නේදැයි බලවත් සැකයක් මතුවන බව ප්‍රකාශ කළේය.
දැනටමත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියකගේ සමීපතම ඥාතියකු ට මත්පැන් මත්ද්‍රව්‍ය චෝදනා මත පසුගියදා අත්අඩංගුවට ගැනීමක්ද සිදුවූ අතර ප්‍රදේශයේ දූෂණ චෝදනා එල්ල වී ඇති බොහෝ පුද්ගලයින් රැසක් පසුගිය මැතිවරණවලදී වර්තමාන ආණ්ඩුවට සහයෝගය ලබාදීම නිසා වර්තමාන පරිපාලනය මෙම හිටපු දූෂිත දේශපාලකයින් හා ඔවුන්ට සහයෝගය ලබා දෙන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත නිසා දැනටමත් අදාළ බල ප්‍රදේශවල නව පාලනයක් අපකීර්තියට පත්වෙමින් පවත්වන බවද ප්‍රකාශ කළේය.
දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති පාලන කාලවල දී සිදු වූ දූෂණ සම්බන්ධයෙන් විපක්ෂය දැනටමත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කොට ඇති බවද ඔහු සඳහන් කළේය.
