මිනිවන්ගොඩ දෙවලපොල ප්‍රදේශයේ ඊයේ (13) සවස දෙපාර්ශවක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, ගණෙහිමුල්ල, දෙවලපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු නිවසේ ඇති කරනු ලබන සුනඛයෙකු සැකකරුගේ නිවසට යාම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
සැකකරු ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
