කොළඹ – නුවර මාර්ගයේ වරකාපොල තෝලංගමුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් හා බස් රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු බරපතල තුවා ලබා ඇති අතර කුඩා දරුවකුද තුවාල ලබා ප්‍රතිකාර සදහා වරකාපොල රෝහලට ඇතුළු කර තිබේ.
ත්‍රිරෝද රථය පදවා ඇත්තේ පියා විසින් වන අතර පියා හා පසුපස ගමන් කළ දරුවා තුවාල ලැබීමෙන් මෙසේ වරකාපොල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව වරකාපොල පොලිසිය පවසයි
