Spread the love

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අරමුදලට උපදෙස් ලබාදී ඇත

ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට අමතරව ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේය.

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මේ වන විට පුද්ගලයින් 21 ක් මියගොස් තිබේ.