Spread the love

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සදහා ඊයේ සිටි හා ලංකා ගමනාගමන මණ්ඩලය බස්රථ 1,400ක් යොදවා ඇතත් මගින් අදත් බස්නැවතුම්පල වල දිගු පෝලිම් දක්නට තිබිණ.

නමුත් අද උදෑසන වන විටත් ප්‍රවාහන පහසුකම් නිසි ලෙස නොලැබීමෙන් ජනතාව දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටීයහ.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ පිටකොටුව බැස්ටියන් මාවත හා මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණි මගීන්ට ප්‍රමාණවත් තරම් දුරගමන් සේවා බස් රථ නොමැති වීම හේතුවෙන් අපහසුතාවට පත්වීමට සිදුවුණි.

මේ හේතුවෙන් ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වූ අතර බස් නැවතුම්පොළේ විශාල තදබදයක්ද නිර්මාණය වී තිබිණි.

මේ අතර අවශ්‍ය තරම් අධිවේගී මාර්ග බස්රථ ධාවනයට එක්කර තිබුණද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද උදෑසන කාලයේ විශාල පිරිසක් දක්නට ලැබිණි.

කොටුව දුම්රිය ස්ථානයටද අද පෙරවරුවේ විශාල පිරිසක් පැමිණ තිබුණේ අවුරුද්දට ගම්බිම් බලා පිටත්ව යෑම සඳහාය.