Spread the love

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවේ පුහුණුව ලත් බහුකාර්ය සංවර්ධන සහායකයන් 37 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊ යේ (12) පස්වරුව් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහන් ප්‍රදීප් විතාන හා දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.

මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්.එස්. කිත්සිරි, රුචිර විතාන, සැලසුම් අධ්‍යක්ෂිකා සමන්තා සේනානායක, පරිපාලන නිලධාරිනී ඩබ්ලිව්.එස්.ඩබ්ලිව්. රුද්‍රිගු යන මහත්ම මහත්මීන් හා රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.