නිමල් රාජපක්ෂ
හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. අපි ඒ අභියෝග මැඩගෙන, හොරකමින්, දූෂණයෙන් තොරව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයන බව ’ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය වරයා මෙම අදහස් පළකලේ ‘බාලදක්ෂ මාවත’ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කර අද (.19) දින ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ තුන්වන ගුවන් පාලම ලෙස ‘බාලදක්ෂ මාවත’ ගුවන් පාලම ඉදි කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340 කි. පළල මීටර් 11 කි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් දියත්කර ඇති තිරසර මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මෙම ගුවන් පාලම ඉදිකරන ලදී.
තව දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා,
වීඩියෝව නරඹන්න
