ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් අද මිය ගියාය.
හර්නියා රෝගී තත්වයක් නිසා ඉකුත් අප්‍රේල් මාසයේ රෝහල් ගත කළ එම විදුහල්පතිනිය සැත්කමට භාජනය කිරීමට පෙර ලබාදී ඇත්තේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාවිතය තහනම් කර තිබෙන ප්‍රමිතියෙන් බාල නිර්වින්දන එන්නතකැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.
ඉකුත් අප්‍රේල් මාසයේදී දරු ප්‍රසූතියක් සඳහා ඇතුළත් වූ කාන්තාවටත් ලබා දී තිබුණේ මෙම නිර්වින්දන එන්නතම බවද එම කාන්තාවද එන්නත ලබාගත් පසුව මියගිය බවද රෝහලේ අධ්යක්ෂවරයා කීය.
