බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිඳු රටක නිෂ්පාදනය නොකරන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය සමග පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙරටට ගෙන්වනු ලබන්නේ අදාළ රටවල මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ද ලියාපදිංචි කළ ඖෂධ පමණක් බවයි
