Spread the love


නිමල් රාජපක්ෂ-

බාස්මතී සහල් ආනයනය සිදු කරන බැවින් අප රටේ වගා කළ හැකි බාස්මතී විශේෂයක් සම්බන්ධව පර්යේෂණ සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

මේ වන විට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව Ld 376, BG 377, At 378, BG 381 යන වී වර්ග 04 හෙක්ටයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන වී වර්ග වශයෙන් හදුන්වා දී ඇත.

Ld 376 වී ප්‍රභේදය හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4-6 දක්වා අස්වැන්නක් වියලි හා තෙත් කළාපයේ කුඹුරුවලින්ද,BG 377 වී ප්‍රභේදය ද වියලි කලාපයේ කුඹුරුවල පහසුවෙන් වගා කළ හැකි අතර හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක්ද,At 378 වි ප්‍රභේදය වියලි හා තෙත් කලාපවල වගා කළ හැකි වී ප්‍රභේදයකි. තෙත් කළාපයේ කුඹුරුවලින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 5.3ක් හා වියලි කළාපයේ කුඹුරුවලින් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 7.3ක අස්වැන්නක් මෙම වී ප්‍රභේදය වගා කිරීම මගින් ලබා ගැනීමට හැකිවන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

BG 381 වී ප්‍රභේදය ද ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේදයකි. විශේෂයෙන් සහල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහා ඉතාමත් සාර්ථකව යොදා ගත හැකි අතර හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකි වේ.
මේ අතර අපේ රටට ආවේණික වී ප්‍රභේද දෙකක් වන මඩතවාලු හා සුදු හීනටි වී ප්‍රභේද දෙක මගින් අනෙකුත් සාම්ප්‍රධායික වී වර්ගවලට වඩා වැඩි අස්වැන්නක් කාබනික පොහොර යෙදීම මගින් ලබා ගත හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කරන ලද පර්යේෂණ අනුව තහවුරු වී තිබේ.