Spread the love

මහජනතාවගේ බැංකු තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අයකළ 5%ක රැඳවුම් බද්ද 10% දක්වා ඉහළ දැමීමට මෙවර අය වැයෙන් තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්ත‍මේන්තුව ඊයේ (23) කරුණු දක්වුහ.

ඒ අනුව පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 150,000 වඩා අඩු වන්නේ නම් එනම් එම පුද්ගලයාගේ වාර්ෂික තක්සේරු ආදායම ලක්ෂ 18 ඉක්මවා නොයන්නේනම්, එම පුද්ගලයාගෙන් මෙම 10%ක රැඳවුම් බද්ද අයකර ගැනීම සිදු නොවන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස් ශාන්ත සඳහන් කළේ.

තමන්ට එලෙස 10%ක රැඳවුම් බද්දෙන් නිදහස් වීමට නම් තමාගේ මාසික ආදායම රුපියල් 150,000කට අඩු මුදලක් බවට දැක්වෙන ලිඛිත සහතිකයක් TIN අංකය සමඟ බැංකුවට ඉදිරිපත් කළ යුතු බවත් එලෙ​ස මාසික පොළි ආදායම සම්බන්ධයෙන් බැංකුවට ලබාදෙන ස්වයං ප්‍රකාශනයක් හරහා අදාළ බද්දෙන් නිදහස් වියහැකි බවයි ඔහු සඳහන් කළේ.

TIN අංකය අත්‍යවශ්‍ය වුවද මේ අවස්ථාවේ එය නොමැතිව අදාළ ප්‍රකාශන ලබාගන්නා ලෙස බැංකුවලින් ඉල්ලීමක් සිදුකළ බවයි බී.කේ.එස් ශාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේ.