Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අතර බහින්බස්වීමක් සිදුවී තිබේ.

ඒ, අද (23) නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී බව වාර්තා වෙයි.

ඉදිරි මැතිවරණ කටයුතු හා මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක් අද එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි.

එම රැස්වීම අතරතුර බැසිල් රාජපක්ෂ මහතා සහ සමන් ලාල් ප්‍රනාන්දු මහතා අතර මෙම බහින්බස්වීම සිදුවී තිබේ.

ඒ සම්බන්ධ හඬපටයක් අද සමාජ මාධ්‍යවල සංසරණය වුණි.

(මේ පිළිබඳ සම්පූර්ණ විස්තර ඉහත වීඩියෝවෙන් නරඹන්න … වීඩියෝව – අද දෙරණ )