Spread the love

බිත්තර මිල පහල බැස තිබුනද බිත්තර ආප්ප බිත්තර රෝටි මිල අඩු නොවිම පිලිබදව පාරිභෝගිකයන් අප්‍රසාදය පල කරති.

බිත්තරයක මිල රුපියල් 25-30ට පහල බැස තිබුනද බිත්තර ආප්ප හා බිත්තර රෝටි මිල පෙර පරිදිම පවතින බවත් බිත්තර මිල ඉහල ගිය විට ක්ෂනික මිල ඉහල දැමු මෙම ආහාර බිත්තර මිල පහල ගිය විට එම ආහාර මිල පහල නොදැමිම දැඩි ගැටළුවක් බවද ඔවුන් පවසති.

බිත්තරයක මිල රුපියල් 58ත් 60ත් අතර පවතින විටදි බිත්තර ආප්පයක් බිත්තර රෝටියක් රුපියල් 130ත් 140ත් දක්වා ඉහල ගියේය.