බිරිදගේ විදේශ රැකියා නියෝජිත බලපත්‍රය අවභාවිතා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තමන්ගෙන් රුපියල් තුන් ලක්ෂ 30,000ක මුදලක් ලබා ගත් නමුත් රැකියාව නොලැබීම නිසා තරුණයෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ බිරිද මරදාන – දේවානම් පියතිස්ස මාවතේ ලියාපදිංචි විදේශ රැකියා නියේජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර සැකකරු එම ආයතනයේ කළමණාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ