නිමල් රාජපක්ෂ
වරකාපොල , මාවනැල්ල හා කෑගල්ල යන ප්රදේශවල කළ සෝදිසි මෙහෙයුම් වලදි නොවැම්බර් මාසයේදී බදු නොගවා පවත්වාගෙන ගිය බීඩි නිෂ්පාදකයින් ගෙන් රුපියල් 19 369 772/ බදු ආදායමක් රජයට ලබාදිමට කෑගල්ල සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
එහිදී බදු නෙගෙවා පැහැර හරිමින් බීඩි කර්මාන්තයේ නිතර ස්ථාන අටක් පරික්ෂාව ලක් කිරීමේදී වෙනම ස්ථානය ගබඩා කර තිබී කිලෝ ග්රෑම් 200 කට අධික බීඩි තොගයක් සමගින් ඒක පුද්ගලයකු කෑගල්ල සුරාබදු නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී බීඩි තොගය සමගින් එම පුද්ගලයා ඉදිරියේදි අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතය
අදාල ආයතන අටෙහි කළ පරික්ෂාවකදි ඒම කර්මාන්ත කරුවන්ට හට බීඩි සදහාවු රුපියල් 12.524,800/ බදු මුදල් ගෙවිම සදහා පියවර ගත් බව කෑගල්ල සුරාබදු අධිකාරී ඒ ආර්.ලැම්බට් මහතා පැවසුවේය.
මෙම සෝදිසි මෙහෙයුම දින දෙකක් තුළ සිදු කළ අතර එහීදී බීඩි නිෂ්පාදකයින් 150 දෙනෙකු කැදවා නිෂ්පාදන ධාරිතාව මත ඹවුන් කාණ්ඩ පහක් යටතේ වෙන් වෙන් වශයෙන් කැදවා බදු මුදල් ගෙවීමට එකගකරගනු ලැබීය.
සබරගමුව පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් පරිදි , කෑගල්ල සුරාබදු අධිකාරි ඒ.ආර්.ලැම්බර්ට් මහතාගේ අධීක්ෂනය යටතේ ,කෑගල්ල සුරාබදු ස්ථානාධිපති දීප්ත අලවත්තේගම මහතාගේ මෙහෙයවිමෙන්, සුරාබදු පරික්ෂක එම්.කේ.රත්නායක , සුරාබදු සැරයන් 724 රාජපක්ෂ, සුරාබදු කෝප්රල්වරුන්වන 645 වසන්ත, 683 බංඩාර, 916 අතපත්තු, සුරාබදු නියාමක 1160 මහේෂ් ,සුරාබදු රියදුරන්වන සෙනවිරත්න හා දිනුෂ යන නිලධාරිිහු මෙම වැටලිම සිදු කළහ.
