නිමල් රාජපක්ෂ
රිය අනතුරු වලින් මගී ජිවිත ආරක්ෂා කර ගැනිමේ අරමුනින් මින් ඉදිරියට බීමත් රියදුරන්ට නීතියේ රැහැනගට ගැනීමේ විශේෂ වැඩ පිලිවෙලක් රජය මගින් ක්‍රියාත්මක කෙරේ
ඒ අනුව මෝටර් රථයක් පදවන්නා කිසියක් අසාමාන්‍ය ලෙස හැසිීරීම් රටාවක් මවා පාන්නේ නම් රථය පරික්ෂා කරන පොලිස් නිලධාරීයට සැක පහළවුවහොත් මොහු කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන රජයේ වෛද්‍ය නිලධාරියකුට හෝ රෝහලකට ගොස් පරික්ෂා කිරීමේ බලය ලබා දි ඇතැයි ප්‍රවාහන ,මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්නායක මහතා පවසයි.
ඒ සදහා අවශ්‍ය නීති රිති අඩංගු ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
ඒ අනුව යම් රියදුරකුගේ අසාමාන්‍ය තත්ත්වයක් , කථා විලාසයේ වෙනසක්,ක්රියාවේ සහ සමබර තාවයේ වෙනසක් ,ඇස්වල වෙනසක් , ඇත්නම් පොලීසිය මගින් භාවිතා කරන උපකරණ මගින් පරික්ෂාවක් සිදු කිරිමට ද බලය තිබේ.
අදාල රියදුරුගේ කේටය , මුත්‍රා සහ රුධිර සාම්පල සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් අනුමතආයතනයක ට හෝ රසායනාගාරයටකට ද රජයේ අනුමත වෛද්‍යවරයකු වෙත හෝ රජයේ රෝහලක් වෙත ලබා දි පරික්ෂා කිරීමට ද පොලිසියට බලය ලබා දී ඇත.
