Spread the love

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක්ව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මැයි 16 වනදා තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවය.

ඊයේ (17) මාතර, වේරදූව ප්‍රදේශයේ දී එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 33ක් වූ නැගෙනහිර, නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මියගිය පුද්ගලයාගේ ඥාති පුත්‍රයෙක් වන අතර අපරාධය සිදුකර ප්‍රදේශයෙන් පළා ගොස් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වුණි.