Spread the love

බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ අද (24) පස්වරු 5.45 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇත.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලියන් සම්බන්ධයෙන් මේතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර සිද්ධිය පිළිබද බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.