මෙරට පිළිකා රෝග පාලනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන්ගේ විශේෂ ඇගයීමෙන් සම්පාදනය කරනලද විශේෂ වාර්ථාව එළිදැක්වේ.
මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී රැස්විය.
බෝනොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන කොට අනෙකුත් අදාළ සියලු අමාත්‍යාංශ එක්ව මෙරට බෝනොවන රෝග පාලනය සහ නිවාරණය කිරීම සදහා ඉදිරි සැලසුම් සකස් කිරීම සහ තින්දු,තීරණ ගන්නා විද්වතුන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන විද්වත් සමුළුවක් වේ.
මෙරට පිළිකා රෝග පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ ඇගයීමක් ඇසුරින් සම්පාදනය කරනලද විශේෂ වාර්ථාව ද මෙහි දී අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය.
මෙම ජාතික සභාවේ සභාපතිත්වය වත්මන් සෞඛ්‍ය හා ජනනමාධ්‍ය අමාත්‍යවරයා විසින් දරණු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, අනෙකුත් අමාත්‍යාංශ,දෙපාර්තුමේන්තු සහ ආයතනවල නම්කල නිලධාරීන් මෙහි සාමාජිකත්වය දරණු ලබයි.
