
.නිමල් රාජපක්ෂ-
බිමත් පිරිසක් බෝලවත්ත දුුම්රිය ස්ථානයට අලාභ හානි සිදු කොට දුම්රිය ස්ථානාධිපති ඇතුළු තිදෙනකුට පහර දිමෙන් තුවාල ලබා ප්රතිකාර සදහා රෝහල් ගතකකොට තිබේ.
සිද්ධිය වී ඇත්තේ අද රාත්රි 07.00 පමණ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

බෝලවත්ත දුම්රිය වේදිකාවේ මත්පැන් පානය කර සිටි කණ්ඩායමකට දුම්රිය ස්ථාන පරිශ්රයෙන් ඉවත් වන ලෙසට ලෙසට කල දැනුවත් කිරීමේදී කෝපවූ පිරිස බෝලවත්ත දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලයට පහර දී දුම්රිය ස්ථානයට ජනේලවලට පහර දී අලභහානී කොට තිබේ.

තුවාල ලබා සිටි හා පහර කෑමට ලක්වු සිව් දෙනා මේ වන විට 1990 සුවසැරිය හරහා රෝහල් ගත කොට ඇති අතර, දුම්රිය ස්ථානයට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම මේ දක්වා සිදුව නැතැයිද පවසයි.
