Spread the love

රුපියල් 60,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනා මත සබරගමුව මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙනඇත

පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකරුට අයත් බස් රථය ධාවනය කිරීමට ලබා දී ඇති වේලාවන් සංශෝධනය කර දීමට අදාළ නිර්දේශ ලබා දීම වෙනුවෙන් එම නිලධාරියා රුපියල් 60,000ක මුදලක් ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.