Spread the love

සමගි ජන බලවේග රජයක් යටතේ නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් සකසා අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එතුළින් ආර්ථිකය ප්‍රසාරණය වී මුදල් සංසරණය ඉහළ යනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙරට ජාතික නිෂ්පාදනයට සියයට පනහක දායකත්වයක් ලබා දෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

දැදිගමදී පැවති ‘ජන පවුර’ වැඩසටහන අමතමින් හෙතෙම මේ බව පැවසීය.