මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි තමන්ගේ නමද සම්බන්ධ කරමින් පළ වන වාර්තා අසත්‍ය බව රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය සඳහන් කරයි.
වාර්තාවන්හි සඳහන් වන අදාළ නිවස තම මවගේ නමින් ඇති නිවසක් බවත් එය බදු පදනම මත වෙනත් අයෙකුට ලබා දී දී තිබු එකක් බව ද ඇය සඳහන් කරන්නීය.
වාර්තාවන්හි සඳහන් වූ පරිදි එම නිවසේ විදුලි බිලද ලැබෙන්නේ තමන් නමට නොව තම මවගේ නමට බවද ඇය තවදුරටත් කියා සිටියාය.