Spread the love

නිමල් රාජපක්ෂ –
‍ දිවයින පුරා සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් , තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් ජවාර මක් හා එනනොල් ජාවාරමක් වටලා රුපියල් මිලියන 21 වැඩි වටිනාමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනිමට හැකිවු බව සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම් .බි.එන් .ඒ පේමරත්ත මහතා පවසයි.

මෙම වැටලීම් වලදි ජාඇල ඹතේකැලේ ප්‍රදේශයේ මහාපරිමාන මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා කසිප්පු ස්ප්‍රිතු ලීටර් 8080 ක්ද , ගෝඩා ලීටර් 12000ක්ද , විදුලි උපකරණ ගෙන්වන මුවාවෙන් මෙරටට රැගෙන ආ තීරුබදු නොගෙවු විදේශිය මත්පැන් බෝතල් 606 ක්, වෙන්නප්පුව ප්‍රදේශයෙන් එතනොල් ලීටර 4000 ක් අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වී තිබිණ.

මීට අමතරව මහා පරිමානයෙන් නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වු තෙන්ඩු කොල විශාල ප්‍රමානයක්ද , බීඩි නිෂ්පාදන ආයතන නීති විරෝධිලෙස දුම්කොල ,තේන්ඩු කොල හා නීති විරෝධී ලෙස බීඩි නිෂ්පාදනය කර අලෙවි කරන ස්ථාන කිහිපයක්ද කොටු කර ගැනීමට සමත්වු බවත් අදාල බලපත්‍ර ලාභීන්හට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට පෙරවැරදි සලකා බලා සමථ සාස්තු අයකර ගැනීමට පියවර ගත් බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා පැවසුවේය.
.

තමන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් හැටියට රාජකාරි අරභා මාස දෙකක් වැනි කෙටි කාලයක් වන අතර මේ රටේ මත්ජාවාරමට තරා තිරම නොබලා තිත තබන බවත් සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් රජයට ආදායම් ලබා දීමට කටයුතු කරන බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය
කිසියම් තැනක මත් ජාවාරමක් සිදු වන්නේ නම් හෝ මත්පැන් ප්‍රවාහනය කරන හා අලෙවි කරන ස්ථානයක් වෙතොත් වහාම 1913 දුරකථන අංකයට තොරතුරු ලබා දෙන ලෙසත් තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍ය භාවය අනිවාර්යයෙන්ම සුරකින බවත් පේමරත්න මහතා ඉතා වගකීමෙන් ප්‍රකාශ කළේය.

තව දුරටත් අදහස් දැක්වු එම්.බී.එන් ..එ .පේමරත්න මහතා ,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න