හෙරොයින් මිලිග්‍රෑම් 550 ක් ලග තබාගත් 34 හැවිරිදි ධීවරයෙකු ඊයේ (1) රාත්‍රි 7.30 ට පමණ තංගල්ල ධීවර වරාය අසලදී තංගල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
. සැකකරු තංගල්ල වීරකැටිය පාරේ පදිංචි කරුවෙකි .
අදාල සැකකරු අද (2) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යුක්තිය මෙහෙයුමට අදාලව තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපති මහතාගේ මෙහෙයවීමෙන් තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් තංගල්ල ධීවර වරාය අසල සිදුකල සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.