නිමල් රාජපක්ෂ-
හලාවත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි ඉතා රහසිගතව මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය නිීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා උපකරණ සමගින් මත්පැන් තොගයක් වයඹ පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්පැන් නිෂ්පාදනාගාරය වටලන අවස්ථාවේ සැකකරු පලා ගොස් ඇති අතර සුරාබදු නිලධාරීන් සැකකරුව හදුනාගත් බව වයඹ පළාත් (1) සහකාර සුරාබදු කොමසාරිස් කපිල විජේසිංහ මහතා පවසයි .
මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබි නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 138750ක් ,ගෝඩා මිලී.ලීටර් 365000ක් සමගින් පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
පලා ගිය සැකකරු ඉදිරියේදී අත්අඩංගුවට ගෙන නීත්‍යාණුකූල පියවර ගැනීමට කටයුතු කරන බවද කපිල විජේසිංහ මහතා පැවසුවේය.
වයඹ පළාත් (1) සහකාර සුරාබදු කොමසාරිස් කපිල විජේසිංහ මහතාගේ උපදෙස් මත, කුරුණෑගල සුරාබදු අධිකාරී ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,වයඹ පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති නලින්ද ප්‍රසන්න කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂකවරුන් වන සම්පත් කරුණාදාස හා බී. එල්. විජේසිංහ, සුරාබදු සැරයන් 752 නානායක්කාර, සුරාබදු කෝප්‍රල්වරුන් වන 907 අජිත් ශාන්ත, 936 වෑදණ්ඩ, 979 බණ්ඩාර, සුරාබදු නියාමක 1046 ජයසේකර, සුරාබදු රියදුරුවරු චන්ද්‍රසේන යන මහත්වරු මෙම වැටලිම සිදු කළහ.
