Spread the love

නිමල් රාජපක්ෂ-

2024 ආරම්භ යේ වැට් බදු සංශෝධනයත් සමගින් මෙරට හා විදේශීය මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව විදේශීය මත්පැන් බෝතලයකින් රුපියල් 400 ක්ද , දේශීය අරක්කු බෝතලයක් රුපියල් 300 කින්ද, ,බියර් කෑන් එකක් රුපියල් 60 කින්ද ඉහළ යන බවට වාර්තාවෙයි.
මෙහිදි එක් එක් මත්පැන් නිෂ්පාදනාගාරවලින් නොයෙක් ආකාරයෙන් මත්පැන් මිල වැඩි කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වී ඇතැයිද ,සමහරක් මත්පැන් නිෂ්පාදකයින් පාරිභෝගියාට සියළු බර නොදී මත්පැන් මිල වැඩි කිරීමටත් තීර්ණය කර ඇතැයිද සුරාබදු දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.